
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සීතා අරඹේපොල මහත්මියට සෞඛ්‍ය සහ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරය ලබාදී තිබෙනවා.
ඒ, ඇය මෙතෙක් දැරූ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරවයි.
අරඹේපොල මහත්මිය පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක ලෙස පාර්ලිමේන්තුවට පැමිණියා.