/
/
title icon ගීතයෙන් රටක් සැනසූ ප්‍රේමණීය ගායකයා - සේනක බටගොඩ මහතා අභාවප්‍රාප්ත වෙයි
ගීතයෙන් රටක් සැනසූ ප්‍රේමණීය ගායකයා - සේනක බටගොඩ මහතා අභාවප්‍රාප්ත වෙයි
Presila Sandaruwani
2 months ago
Share:
ගීතයෙන් රටක් සැනසූ ප්‍රේමණීය ගායකයා - සේනක බටගොඩ මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී තනු නිර්මාණකරු සංගීතඥ සේනක බටගොඩ මහතා රෝගී තත්ත්වයක් හේතුවෙන් රාගම රෝහලේ දී ප්‍රතිකාර ලබමින් සිටිය දී අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 66 වියේ පසුවූවා.

'අපි කවුරුද', 'අපි සැනසිල්ලේ', 'රස්තා', 'අළු යට ගිනි', 'හීනවලට පණක් තිබෙනවා', 'හොඳ ම දේ', 'සැනසෙන්නම් මා', 'අනන්තයට යනවාමයි', 'නිදි නැති රැය' ආදී අතිජනප්‍රිය ගීතවල නිර්මාණකරු වන්නේ ඔහුයි.

වර්ෂ 1958 ජූනි 25 වන දින ඔහු උපත ලබා ඇත.  

ඔගේ පළමු වෘතාන්ත චිත්‍රපට පසුබිම් ගායන අවස්ථාව ඔහු ලබා ඇත්තේ CineMa චිත්‍රපටය හරහායි.

කුඩා කල තමන් බෙර වාදනයට සහ ගායනයට ඔහු තුළ ඇති ආශාව සොයාගත් අතර තරුණ වියේ දී ඔහු ගායන ශිල්පියෙකු හා ගිටාර්වාදකයෙකු ලෙස ඔහුගේ බහු කාර්යතාව සංගීතයට එක් කළා.  

එහි දී ඔහු රොක්, රෙගේ හා පොප් වැනි සංගීත ශානරයන් පිළිබඳව ගවේෂණය කළා.

ඔහු සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නේ වර්ෂ 1980 දශකයේ.

එපමණක් නොව ඔහු ගීත රචනයට හා සංගීත නිෂ්පාදනයට ද විවිධ සංගීත ශෛලයෙන් හරහා පිවිසනු ලැබුවා. එහිදි සරල මෙන් ම සුගම බස් වහරකින් ඉතා ගැඹුරු යථාර්ථයන් පද රචනය කිරීමට සමත් වීම පන්ති භේදයකින් තොරව මෙතරම් ප්‍රේක්ෂක ආදරයක් ඔහුට ලැබීමට හේතු සපයන බව නොරහසක්.

මෙසේ සංගීත ගමන් මගේ සංදිස්ථානයක් සනිටුහන් කරමින් ඔහු සිය පළමු ගීත කෘතිය 1994 දී නිකුත් ක‍රනු ලැබුවා.

2011 වසරේ සහ 2014 වසරේ දී 'අපි කවුරුද' හා 'අපි සැනසිල්ලේ' යන ගීත ද්විත්වය වායෝ (WaYo) සංගීත කණ්ඩායම විසින් නැවත් ප්‍රතිනිර්මාණය කිරීමත් සමඟ නූතන පරම්පරාව අතර මොහු ඉතා ජනප්‍රිය තරුවක් බවට වුණා.

2024 අප්‍රේල් 3 වන දින කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ නියෝග පරිදි බටගොඩ මහතාගේ ජනප්‍රිය ගීත 7කට වාරණ නියෝග නිකුත් කෙරුණා.

මෙම වාරණ සඳහා වූ නඩුව ගොනු කර ඇත්තේ ජනත් කුලතිලක නැමැති පුද්ගලයෙකු විසින්.

ඒ තමන් සංගීත නිර්මාණයට දායක වූවායැයි පැවසෙන මෙම ගීත හත සඳහා ගෙවිය යුතු කර්තෘ භාගය නොගෙවූ බව සඳහන් කරමින්.

ඒ කෙසේවෙතත් ඉතා නිහතමානි ගායන ශිල්පියකු ලෙස තරුණ, වැඩිහිටි සැමගේ නොමද ආදරය ලද ඔහුගේ ගීත,  තවත් පරම්පරා ගණනාවක හදවත් සේනක බටගොඩ රිද්මයෙන් සනහනු ඇත.
 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required