
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලියන 10කට අධික ප්‍රමාණයක් මේ වන විට බෙදා දී ඇති අතර ඉතිරි නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ද ඉදිරි දින කිහිපයේදී බෙදා අවසන් කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු සැප්තැම්බර් 14 වැනිදා වන විට නිම කිරීමටයි තැපැල් දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන්නේ.
කෙසේ වෙතත්, 14 වැනිදා වන විටත් යම් අයෙකුට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලැබී නොමැතිනම්, තම හැඳුනුම්පත සමඟ අදාළ තැපැල් කාර්යාලයට ගොස් අනන්‍යතාවය තහවුරු කර අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගැනීමේ හැකියාව පවතිනවා.