
2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 77% පමණ මේ වනවිට බෙදාහැර අවසන්ව ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව මේ වන විට එක්කෝටි තිස් දෙලක්ෂයකට ආසන්න නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සංඛ්‍යාවක් බෙදා හැර ඇති බවයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා කියා සිටියේ.
එසේම, හෙට සහ අනිද්දා යන දෙදින තුළද නිවෙස්වලට ගොස් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සිදුකිරීමට නියමිතව තිබෙනවා.
සෙනසුරාදා වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණහොත් ලබන 18 වන දිනෙන් පසු ප්‍රදේශයේ තැපැල් කාර්යාලයට ගොස් අනන්‍යතාව තහවුරු කර තම ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගැනීමේ හැකියාව පවතින අතර මැතිවරණ දිනය තෙක් ඒ සදහා අවස්ථාව සලසා ඇති බවද නියෝජ්‍ය තැපැල්පතිවරයා කියා සිටියා.