
වර්තමානයේ මෙරට කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය ඉතා සාර්ථක මට්ටමක පවතින අතර දෛනික බිත්තර නිෂ්පාදනය මිලියන 07-08 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව මීට මාස කිහිපයකට පෙර රුපියල් 65ක් දක්වා වැඩි වී තිබූ බිත්තර මිල, මේ වන විට රුපියල් 38 - 42 දක්වා අඩු වී තිබෙනවා.
එමෙන්ම කුකුළු මස් කිලෝවක් ද රුපියල් 1750 සිට රුපියල් 850 - 975 දක්වා පහළ ගොස් තිබෙනවා.