
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ඔක්තෝබර් 26 වැනිදා පැවැත්වෙන බව ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා අද නිවේදනය කළා.
ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාර ගැනීම අද මධ්‍යහ්න 12ට අවසන් වුණා.
ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයා පිළිගත් දේශපාලන පක්ෂ 8ක සහ ස්වාධීන කණ්ඩායමක නාම යෝජනා පත්‍ර පිළිගෙන තිබෙනවා.
මේ අතර 2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා ලබා දී තිබූ අවස්ථාව අද අවසන් වුණා.
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම පසුගිය 04, 05 සහ 06 දිනවල දිවයින පුරා සිදු කෙරුණා.
එම දිනවල තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ සියලු රාජ්‍ය සේවකයින් සඳහා ඊයේ මෙන්ම අද දිනයේදී තැපැල් ඡන්ද භාවිත කිරීමට අවස්ථාව හිමි වුණා.
ඒ, තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථාපිත විශේෂ ඡන්ද මධ්‍යස්ථානයේදීයි.