
සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම පිළිබඳ නඩු විභාගය අද පැවැති අතර එහිදී අධිකරණය නියෝග කර ඇත්තේ, ඉදිරිපත්ව ඇති අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇති සමථ කොන්දේසි අනුව ක්‍රියාකළ යුතු බවයි.
එය ක්‍රියාත්මකවීමේ ස්වභාවය අනුව අවශ්‍ය වුවහොත් අදාළ පාර්ශ්වයන්ට මෝසමක් මාර්ගයෙන් නැවත නඩුව ආපසු කැඳවීමට අයිතිය ඇති බව ද අදාළ නියෝගයේ සඳහන්.
ඒ අනුව සංවර්ධන නිලධාරින් 16,000ක් පමණ ඉදිරියේදී ගුරු සේවයට බඳවාගැනීමට නියමිතයි.