
දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති අතර සියලුම සිසුන්ට අද සවස 6.00 වන විට විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් ඉවත් වන්නැයි උපදෙස් ලබාදී තිබෙනවා.
ගැටුම ඇති වූ පාර්ශ්ව සම්බන්ධයෙන් හෝ නැවත විශ්වවිද්‍යාලය ආරම්භ කෙරෙන දිනය සම්බන්ධයෙන්, විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මෙතෙක් කිසිදු විස්තරයක් නිකුත් කර නැහැ.