
මෙවර පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී F44 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්ථාවක් තබා රිදි පදක්කමක් ජයග්‍රහණය කළ බල ලත් නිලධාරී II සමිත දුලාන් වෙනුවෙන් ඔහුගේ රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකාය, විශේෂ ඇගයීම් උත්සවයක් සංවිධානය කර තිබුණා.
පොල්හේන්ගොඩ පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවති මෙම උත්සවයට ඔහුගේ බිරිඳ සහ ක්‍රීඩා පුහුණුකරු ද එක්ව සිටියා.
සමිතගේ මෙම විශිෂ්ට ජයග්‍රහණය අගයමින් ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය වෙතින් විශේෂ ඇගයීම් සංකේතයක් ද පිරිනැමුණා.