
පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා වන අවම මුලික වැටුප රුපියල් 21,000ක් දක්වා වැඩි කිරීමේ පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය ලැබී තිබෙනවා.
2016 අංක 3 දරන සේවකයන්ගේ ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීමේ මෙම පනත් කෙටුම්පත සම්බන්ධව දෙවැනි වර කියවීමේ විවාදය පසුගිය 3 වන දා පාර්ලිමේන්තුවේ දී පවත්වනු ලැබුවා.
එහි දී එම පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව හා සංශෝධන රහිතව සම්මත වුණා.
ඒ අනුව සේවක භාරකාර අරමුදල, සේවක අර්ථසාධක අරමුදල් සහ පාරිතෝෂික දීමනා ගෙවීමේ දී අවම වැටුප බවට එම මුදල සැලකිය යුතු බවයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.