මේ වසරේ සැප්තැම්බර් මස දක්වා දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 14 ලක්ෂයට ආසන්න බව වාර්තා වී තිබෙනවා.
ජනවාරි පළමු වැනිදා සිට සැප්තැම්බර් 08 වැනිදා දක්වා දිවයිනට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 1,395,773ක් වන බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරන්නේ.
ජනවාරි සහ මාර්තු යන මාසවල දී ලක්ෂ 2ක ඉක්මවා සංචාරකයින් දිවයිනට පැමිණ ඇති අතර පෙබරවාරි මාසයේ දී සංචාරකයින් වැඩි සංඛ්‍යාවක් පැමිණි බව වාර්තා වෙනවා. ඒ 218,350ක් ලෙසයි.
මෙලෙස දිවයිනට ඉන්දියාව, බ්‍රිතාන්‍ය, රුසියාව ජර්මනිය, චීනය යන රටවල සංචාරකයින් බහුල වශයෙන් පැමිණ තිබෙනවා.
පසුගිය වසරේ එනම් 2023 දී, මෙරටට පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව ලෙස සටහන් වුණේ 1,487,303ක් ලෙසයි.