/
/
title icon ජනාධිපති අපේක්ෂකයින්ට කඩේ යන මාධ්‍ය ආයතනවලට වෙන දේ
ජනාධිපති අපේක්ෂකයින්ට කඩේ යන මාධ්‍ය ආයතනවලට වෙන දේ
Wasana Wickramasingha
2 months ago
Share:
ජනාධිපති අපේක්ෂකයින්ට කඩේ යන මාධ්‍ය ආයතනවලට වෙන දේ

ජනාධිපතිවරණයට අදාළ මාධ්‍ය උපමාන අනුව ක්‍රියා නොකරන මාධ්‍ය ආයතනවලට නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් නොකිර සිටීමේ හැකියාව මැතිවරණ කොමිසන් සභාව සතු බව එම කොමිසමේ සභාපති, ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසනවා.

එසේම, මැතිවරණ කොමිසම ලබා දෙන උපදෙස් අනුව කටයුතු නොකරන්නේ නම් කොමිසම පවත්වන මාධ්‍ය හමුවලින් ඉවත්කිරීම, තොරතුරු ලබා නොදීම සහ ඔවුන්ගේ දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර නොදැක්වීම වැනි පියවර ද අනුගමනය කිරීමට සිදුවන බව ඔහු සඳහන් කරනවා.

ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් සියලුම මාධ්‍ය ආයතන ඔවුන්ගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශවලදී අපේක්ෂකයින් සඳහා වෙන් කරන කාලය දිනපතාම විශ්ලේෂණය කරන බවයි සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කර සිටින්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required