
ඡන්ද පොළට යන විට, පහත සඳහන් අනන්‍යතා ලේඛනවලින් එකක් රැගෙන යාම අනිවාර්ය බව මැතිවරණ කොමිසම පවසනවා.
1. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර ඇති ජාතික හැඳුනුම්පත
2. වලංගු විදේශ ගමන් බලපත්‍රය
3. වලංගු රියදුරු බලපත්‍රය
4. රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත (විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ)
5. වැඩිහිටි හැඳුනුම්පත (ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ)
6. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරනු ලබන පූජ්‍ය/ පුජක හැඳුනුම්පත
7. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරනු ලබන ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය
8. මැතිවරණ කොමිෂන් සභාව මඟින් නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පත
9. ආබාධිත තැනැත්තන් සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පත
ඉහත ලැයිස්තුවේ සඳහන් හැඳුනුම්පත් අතුරින් කවර හෝ එකක් ඉදිරිපත් නොකරන පිරිසට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමිවී යනවා.