/
/
title icon
නීතී විරෝධීව රැගෙන ආ ඖෂධ තොගයක් ගුවන්තොටුපොළ රේගු නිලධාරීන්ගේ අත්තඩංගුවට
නීතී විරෝධීව රැගෙන ආ ඖෂධ තොගයක් ගුවන්තොටුපොළ රේගු නිලධාරීන්ගේ අත්තඩංගුවට
Presila Sandaruwani
5 months ago
Share:
නීතී විරෝධීව රැගෙන ආ ඖෂධ තොගයක් ගුවන්තොටුපොළ රේගු නිලධාරීන්ගේ අත්තඩංගුවට

පිළිකා මර්දන එන්නත් ඇතුළු ඖෂධ තොගයක් නීති විරෝධීව මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතිකයෙකු ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දියාවේ බැංගලෝර් ප්‍රදේශයේ සිට පැමිණ ඇති මෙම සැකකරු සතුව නීති විරෝධිව රැගෙන ආ රුපියල් ලක්ෂ 25ක් පමණ වටිනා ඖෂධ තොගයක් තිබුණු බවයි වාර්තා වන්නේ.

මොහු මෙලෙස ජාවාරමක් ලෙස ඖෂධ රැගෙනවිත් රටපුරා පිහිටි පෞද්ගලික ඔසුසැල් සහ රෝහල් වෙත අලෙවි කිරීම් සිදු කර ඇති පුද්ගලයෙකු බව හෙළි වී තිබෙනවා.

පිරිමි පුද්ගලයන්ගේ පුරස්ථි ග්‍රන්ථ ආශ්‍රිතව හට ගන්නා පිළිකා මර්දනයට යොදාගන්නා එන්නත් හා කාන්තාවන්ගේ සරු බව වර්ධනය කිරීමට යොදාගන්නා ඖෂධ ඇතුළු ඖෂධ රැසක් අත්තඩංගුවට ගන්නා මොහොතේ ඔහු සතුව තිබූ බව ද සඳන් වනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required