/
/
title icon
ජනපතිවරණයේ අපේක්ෂකයින්ගේ කතා
ජනපතිවරණයේ අපේක්ෂකයින්ගේ කතා
Editor
5 months ago
Share:
ජනපතිවරණයේ අපේක්ෂකයින්ගේ කතා

ඛේදවාචකයක් ගැන රනිල් කියයි 

රටක රාජ්‍ය බලයේ රික්තයක් නිර්මාණය වීමට ඉඩ නොතැබිය යුතු බවත්, එවැනි තත්ත්වයක් ඇතිවීම බරපතළ ඛේදවාචකයකට මග පාදන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළා. 

එබැවින් රාජ්‍ය බලය සෑම අවස්ථාවකදීම එක් පාර්ශ්වයකින් අනෙක් පාර්ශ්වයට සුමටව හුවමාරු විය යුතු බවද ජනාධිපතිවරයා කියා සිටියා.

රාජ්‍ය බලයේ ඇතිවූ රික්තය පිරවීමට බංග්ලාදේශය අසමත් වීම නිසා මේ වන විට එරට ඛේදවාචකවකට මුහුණ දී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා 2022 වසරේ දී මෙරට තුළ ද එවැනිම තත්ත්වයක් ඇතිවීමට ගිය බවත්, එම අවස්ථාවේ තමා මැදිහත්ව එය වැළැක් වූ බවත් සඳහන් කළා. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ 'නිරෝගීමත් අනාගතයක් සඳහා වෛද්‍යවරු' යන තේමාව යටතේ ඊයේ බත්තරමුල්ල - වෝර්ටස් එජ් හෝටලයේ පැවති වෛද්‍යවරුන්ගේ සංසදය අමතමින්. 

  • 5 months ago

    ජනපතිවරණයේ නිහඬ කාලය ඇරඹෙයි

    මේ වනවිට මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් කර ඇති අතර, පවතින්නේ නිහඬ කාලයයි...

  • 5 months ago

    රට ගොඩනගන හැටි නාමල් කියයි

    තමන්ගේ ආණ්ඩුවක් යටතේ වැඩ කර පෙන්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා. 
    මිහින්තලයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. 
    රට සංවර්ධනය කළ පළපුරුද්දෙන් ඉදිරියටද රට සංවර්ධනය කිරීමේ හැකියාව සිය පාර්ශ්වය සතුව ඇති බව මෙහිදී ඔහු පෙන්වා දුන්නා. 

  • 5 months ago

    සංස්කෘතිය අනාගත පරපුරට රකින බවට අනුරගෙන් ප්‍රතිඥා

    ජාතික ජන බලවේගය මෙරට ශිෂ්ටාචාරයටත්, සංස්කෘතියත් ආරක්ෂා කරමින් අනාගත පරම්පරාව වෙනුවෙන් රැකබලාගැනීම සඳහා මැදිහත් වෙන දේශපාලන ව්‍යාපාරයක් බව එහි නායක, ජනාධිපති ධුර අපේකෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 
    ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් ජාතික ජනබලවේගය පවත්වන ජනරැලි මාලාවට අදාළව ඊයේ අම්බලන්තොට පැවති රැලියට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. 
    එහිදි අදහස් දක්වමින් ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ ජාතික ජන බලවේගය යනු සංස්කෘතික වටිනාකම් අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂාකරන ව්‍යාපාරයක් බවයි. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required