
ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරන රථය පසු පසින් අපේක්ෂකයින්ගේ නියෝජිතයින්ට වාහනයකින් පැමිණිමට අවස්ථාව ලබා දීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
ඒ අනුව ඡන්ද මධ්‍යස්ථානයේ සිට ගණන්කිරිමේ මධ්‍යස්ථානය ආසන්නයේ ඇති අවසන් පොලිස් මුරපොළ දක්වා ඡන්ද පෙට්ටි රැගෙන එන වාහනය පසු පසින් පැමිණීමේ හැකියාව හිමිවන බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පවසන්නේ.
එසේ නියෝජිතයන්ට යාමට අවශ්‍ය නම් අදාළ ඡන්ද මධ්‍යස්ථානයේ නම, ඔවුන්ගේ පසු පසින් පැමිණීමට නියමිත වාහනයේ අංකය සහ වාහනයේ සිටින නියෝජිතයාගේ නම ඇතුළත් තොරතුරු වාර්තාවක් ඡන්ද විමසීමේ දිනයට දින 3කට පෙර බලයලත් නියෝජිතයකු විසින් දිස්ත්‍රීක් මැතිවරණ කාර්යාලය වෙත ලබා දිය යුතු වෙනවා.
ඒ සඳහා නිකුත් කරන වාහන බලපත්‍රය අදාළ ඡන්ද පොළේ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිගෙන් ලබාගත හැකි වනවා.
'ඡන්ද විමසීම අවසන් කිරිමෙන් පසුව ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය වෙත රැගෙන යන ඡන්ද පෙට්ටිය ම ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය වෙත භාරදෙන්නේ' යන සැකය ඇතැම් දේශපාලඥයින් සහ අපේක්ෂකයින්ට පවතින නිසා මෙම තීරණය ගත් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළා.