
සියලුම ආගම් නියෝජනය කරනු ලබන දහම් පාසල් ගුරුවරුන් සඳහා රුපියල් 2,500ක නිල ඇඳුම් දීමනාවක් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
බුද්ධශාසන හා ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගනිමින් 2025 වසරේ දී එලෙස දහම් පාසල් ගුරුවරුන් සඳහා නිල ඇඳුම් දීමනාවක් ලබා දීමට අනුමැතිය හිමිව ඇති බව සඳහන්.
දහම් පාසල් ගුරුවරුන්ගේ සේවය ඇගයීමට ලක් කරමින් ඔවුන් දිරි ගැන්වීම සඳහා මේ වනවිට රුපියල් 5,000ක වාර්ෂික ගුරු දීමනාවක් ලබා දීම සිදු කරනු ලබනවා.
ඒ අනුව නිල ඇඳුම් දීමනාව සමග 2025 වර්ෂයේ දී එම ගුරුවරුන් සඳහා වාර්ෂිකව රුපියල් 7,500ක දීමනාවක් හිමිවනු ඇති.