
05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද දිවයින පුරා මධ්‍යස්ථාන 2,849කදී පවත්වනු ලැබුවා.
ඒ සඳහා අපේක්ෂකයින් 323,879 දෙනෙකු සුදුසුකම් ලබා තිබූ බවයි විභාග දෙපාර්තමේන්තුව කියා සිටියේ.
විභාගය පෙරවරු 09.30ට ආරම්භ කෙරුණු අතර, ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම සඳහා කිසිවෙකුට අවසර ලබාදී තිබුණේ නැහැ.
මේ අතර, අද පැවති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල දින 40කින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළා.