/
/
title icon
ෆේස්බුක් සාදයකදී මත්ද්‍රව්‍ය භාවිත කෙරූ තරුණයින් 14ක් අල්ලයි
ෆේස්බුක් සාදයකදී මත්ද්‍රව්‍ය භාවිත කෙරූ තරුණයින් 14ක් අල්ලයි
Editor
5 months ago
Share:
ෆේස්බුක් සාදයකදී මත්ද්‍රව්‍ය භාවිත කෙරූ තරුණයින් 14ක් අල්ලයි

කඩවත නගරයේ හෝටලයක පැවැති ෆේස්බුක් සාදයකට එක්ව මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටි තරුණයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගම්පහ, මීගමුව හා ජාඇල සුරාබදු කාර්යාලවලට අනුයුක්ත නිලධාරීන් සිදුකළ ඒකාබද්ධ වැටලීමකදීයි ඔවුන් අත්අඩංගුවට පත්ව ඇත්තේ. 

එම සාදය සඳහා ප්‍රදේශ රැසකින් තරුණයින් හා තරුණියන්ද එක්ව සිටි බව වාර්තා වනවා.

එසේ සාදයට එක් වූ තරුණයන් පිරිසක් හෝටලයේ කාමර වෙන් කර ගෙන කාමර ඇතුළත නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටියදී සුරාබදු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම තරුණයන් අයිස් හා කොකේන් යන මත්ද්‍රව්‍ය භාවිත කළ බවටයි පසුන කරුණු අනාවරණය වී ඇත්තේ.

මෙම තරුණයින් වයස අවුරුදු 19ත් 30ත් අතර වයස්වල පසුවන්නන්. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required