පුනරුත්ථාපන කාර්යංශය විසින් අධිකරණ නියෝග යටතේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කාන්තාවන් පුනරුත්ථාපනය කිරීම සඳහා විශේෂ මධ්‍යස්ථානයක් පිහිටුවීමට පියවර ගෙන තිබෙනවා.
වව්නියාව ප්‍රදේශයේ ඉදි කර ඇති මෙම මධ්‍යස්ථානය තුළ කාන්තාවන් 100 දෙනෙකු පමණ පුනරුත්ථාපනය කළ හැකි බවයි වාර්තා වන්නේ.
පුනරුත්ථාපනය කොමසාරිස් ජනරාල්වරයා මේ පිළිබඳව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය මේ වන විට දැනුවත් කර තිබෙනවා.