නිපා වෛරසය වැළඳී ප්‍රතිකාර ලබමින් සිටි 24 හැවිරිදි තරුණයෙක් ඉන්දීය කේරළ ප්‍රාන්තයේ දී මරණයට පත්වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
ඔහු මලප්පුරම් ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර පසුගිය 04 වන දා උණ ගතියක් ඇති වීම නිසා රෝහල් ගත කර තිබුණා.
එම තරුණයාගේ සමීපතමයින් 151 දෙනෙකුව මේ වන විට නිරෝධායනය සඳහා යොමුකර ඇති බව සඳහන් වනවා.
නිපා වෛරසය හේතුවෙන් පසුගිය ජූලි මාසයේ දී ද 14 හැවිරිදි පාසල් සිසුවෙක් මලප්පුරම් ප්‍රදේශයෙන් මරණයට පත්වුණා. මෙය දෙවැනි මරණයයි.
නිපා වෛරසය පළතුරු වවුලන්ගෙන් සහ ඌරන් වැනි සතුන්ගෙන් පැතිරෙන බවටයි හඳුනා ගෙන තිබෙන්නේ.
මෙම වෛරස් රෝගයෙන් වැළකීමට එන්නතක් හෝ වෙනත් ප්‍රතිකාරයක් තවමත් සොයා ගෙන තැති අතර ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ පිළිබඳව අනතුරු අඟවා තිබෙනවා.