2024 ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන්නේ කුමන අපේක්ෂකයාටද සම්බන්ධයෙන් තීරණය කිරීමට යාමේදී ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ බෙදීමක් සිදුව තිබෙනවා.
මීට පෙර ඔවුන් සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමට තීරණය කළ අතර, ඒ පිළිබඳ අවසන් තීරණය ගැනීමට අද යළිත් ඔවුන් රැස්වුණා.
ඒ, වව්නියාවේදීයී.
පක්ෂයේ දේශපාලන නියෝජිතයින් අතර පැවති විශේෂ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පක්ෂ නායක, මාවෙයි සේනාධිරාජා මහතා කියා සිටියේ, පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත් තීරණය අනුව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට සිය පක්ෂය තීරණය කළ බවයි.
කෙසේ වෙතත්, මෙම රැස්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා පවසා සිටියේ, තමා එම මතයට කිසිසේත් එකඟ නොමැති බවයි.
සිංහල ජනාධිපති අපේක්ෂකයින් කිසිවෙකුත් දෙමළ ජනතාවගේ අභිලාෂ ඉටුකිරීමට ඉදිරිපත් නොවන පසුබිමක දෙමළ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වූ දෙමළ පොදු අපේක්ෂකයා වන පාකියසෙල්වම් අරියනේත්‍රන් මහතාට සියලුදෙනාගේ සහාය ලබාදෙන ලෙසත් මෙහිදී ඔහු ඉල්ලා සිටියා.