/
/
title icon 12.12.12 ඇයට අමතමි...
12.12.12 ඇයට අමතමි...
Sasikala Kalhari
1 month ago
Share:
12.12.12 ඇයට අමතමි...

මෙම පොත තරම් ජීවිතය පුදුමාකාර ද? ඇත්ත වශයෙන් ම එය එසේ විය හැකි ය. අප කැමත්තක් දක්වන අයට ආදරේ කරන අතර අප ආදරේ කිරීමට හා දැකීමට අකමැති අය සමඟ අපට ජීවත් වීමට ද සිදු වේ. මෙම කතාව ද එක්තරා කාලයක ඇසීමට ලැබුණු එවැනිම දුක්බර අරගලයක් වැනි කතාවකි.
 

මීට අවුරුදු 17කට පමණ පෙර කල්පනා, කපිතාන් ගැරෝන්ටත් හා වික්‍රමසූරියටත් එයාලගේ ජීවිතවල අහිංසක හීන තිබෙන්නට හැකි නේද? නමුත් කුමක් හෝ හේතුවකට කල්පනා හට ජීවත් වීමට වරම් නැති උනා ද? එහෙත් ඇයි එසේ සිදුවන්න ඇත්තේ…? ලෝකයේ සුන්දරත්වයෙන් පරිපූර්ණ හා ලස්සනම පරිසරයක් තිබෙන නගරයක් වන පැරිසියේ මෙහෙම හිත් තිබිමට හැකි ද …? හිම මත දඟකාර සිත්තම් මවන සතුටු පිරුණු නගරයක්, දිනයක මෙසේ කතාවකට මුල පුරනු ලබනු ඇතැයි කියා කවුරුවත් නොසිතුවා විය හැකි ය. ලෝකයේ අති දක්ෂතම පොලිසිය ද මිනිමරුවන්ට මෙසේ ආවඩනු ඇතැ යි ජනයා නොසිතන්නට ඇත. 

ආදරය දිනයක වෛරයේ සලකුණක් විය හැකි ද…? කල්පනා වැනි කතුන් අද හිඳීමට නොහැකි ද…? අවසන් හුස්ම යද්දී කුමක් ඒ හිතට දැනුණා විය හැකි ද…? අවසානයට කල්පනා මරණ ලද සිදුවීම සාපරාධි ක්‍රියා වක් ද…? ඇත්ත වශයෙන් ම කල්පනාට කුමක් සිදු වූවා ද…? ලස්සනම නගරයක් ලෙයින් නැහැවුයේ කෙසේ ද…? මෙහි බොහොමයක් ම ප්‍රශ්න නේ ද…? මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න බියුරෝ එක්ක ගමනක් යන්න අපිට සිදු වෙනවා.

සසිකලා කල්හාරි 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required