ඡන්ද පත්‍රිකාව ප්‍රමාණයෙන් විශාල වීම හේතුවෙන් මෙවර ලී පෙට්ටි වෙනුවට ප්‍රමාණ 3කින් යුත් කාඩ්බෝට් පෙට්ටි භාවිත කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
මෙම ඡන්ද පෙට්ටි මේ වන විට දිවයිනේ සියලු තේරීම්භාර නිලධාරීන් වෙත යවා අවසන් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටින්නේ.
ඒ අනුව තේරීම්භාර නිලධාරීන් අදාළ ඡන්ද පෙට්ටි එළඹෙන 20 වෙනිදා ඡන්ද මධ්‍යස්ථාන සදහා නිකුත් කරනු ඇති.
මැතිවරණ රාජකාරී කටයුතු සඳහා සහභාගී වන නිලධාරීන් ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර ගන්නා ලෙසත් නියමිත දිනයේ දී රාජකාරී කටයුතු සිදු කරන ස්ථාන වෙත ගමන් කරන ලෙසත් මැතිවරණ කොමිෂන් සභාව තවදුරටත් දැනුම්දෙනවා.