වසර 1521 දී කෝට්ටේ රාජධානියේ සිදු වූ විජයබා කොල්ලයත් සමග කෝට්ටේ රාජ්‍ය කොටස් තුනකට බෙදී ගියේය. එනම් කෝට්ටේ, රයිගම්, සීතාවක වශයෙනි. රණශූරී මයාදුන්නේ රජුගේ පාලනය යටතේ සීතාවක රාජධානි ආරම්භ විය. මායාදුන්නේ රජු විසින් දමන ලද ශක්තිමත් අත්තිවාරම මත I වන රාජසිංහ රජූ සීතාවක රාජධානිය ශක්තිමත් පවුරකින් ගොඩ නගන ලදී. දැඩි පෘතුගීසි විරෝධී ප්‍රතිපත්තියක් යටතේ තම අභිමානය ගෙන ගිය සීතාවක රාජධානි විජාතිකයන් වූ ලන්දේසින්ගේ බලපෑමට ලක් විය. 1521 - 1593 අතර වසර 73 ඉතිහාසයේ ශේෂ වූ මතකයන් මෙසේ ගොනු කරන්නට හැකිය.
සීතාවක රාජධානියේ ආරම්භ පාලකයා වූ මායාදුන්නේ රජු ආර්ය නමැති ඇමතිවරයකු ලවා සීතාවක රජ මාලිගය බිමට ගල් පුවරු අල්ලා අලංකෘත කුළුණු සහිතව දෙව්පුරයක් කරවූ බව සැවුල් සංදේශයේ සඳහන් වේ. සීතාවක මාලිගය තේජාන්විත ස්ථානයක් වූ අතර පසු කාලීනව මාලිගය බිඳ දමා එම පවුරු මත ලන්දේසින් බලකොටු ඉදි කරවන ලදී.
සීතාවක රාජධානියට නම ලැබුණු ආකාරය පිළිබඳ විවිධ වූ ජනප්‍රවාදයන් ඉතිහාසය තුළ පවතී. මින් එක් ජනප්‍රවාදයක් වන්නේ වක්කලම ගඟෙහි වතුර අධික සීතලකින් යුක්ත වූ නිසා සීතලවක පසුකාලීනව සීතාවක වූ බවය. සීතාවක රාජසිංහ රජූ අරිට්ඨකී වෙන්ඩු පෙරුමාල්ගේ උපදෙස් මත ආනන්තරීය පාප කර්මයෙන් මිදෙන්න භික්ෂූන් වහන්සේලා හැටඇදුත්තක් සීතාවක වක්කලම ගඟ ( කණාමැදිරියන් වල ) ගිල්වා මරා දමා ඇත. මේ ආකාරයෙන් එක් ජනප්‍රවාදයක් ඉතිහාසය තුළ සඳහන් වේ. සොබාදහම් මතාවගේ අපූරු දසුන් කැටි කරගනිමින් නිර්මාණය වී තිබෙන සීතාවක රාජධානියේ සුන්දරත්වය විවිධත්වයකින් යුක්තව අපිට කතිකා කිරීමට හැකිය