/
/
title icon වකුගඩු රෝගය කල් තියා හඳුනාගමු.
වකුගඩු රෝගය කල් තියා හඳුනාගමු.
Sachini Gamage
2 months ago
Share:
වකුගඩු රෝගය කල් තියා හඳුනාගමු.

වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ වකුගඩු රෝග වලට ගොදුරු වන පිරිස වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ.එය සෞඛ්‍යමය වශයෙන් ශ්‍රී ලංකාව මුහුණපාන ප්‍රධානම ගැටලුමය තත්ත්වයකි.නීරෝගී ජීවිතයක් ගත කිරීමට අප සියලු දෙනාට වකුගඩුවල ක්‍රියාකාරීත්වය අත්‍යවශ්‍ය සාධකයකි. නමුත් කිසියම් හේතුවක් නිසාවෙන් අපගේ වකුගඩුවල ක්‍රියාකාරීත්වය දුර්වල වූ විට ඉන් ඉටුවන කාර්ය නිසි පරිදි සිදු නොවේ. එසේ වකුගඩුවල කාර්ය නිසි පරිදි ඉටු නොවන  පුද්ගලයන් වකුගඩු රෝගීන් ලෙස සලකනු ලැබේ.
                       

ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගීන්ගේ ඉතිහාසය ගත්විට වසංගත රෝග පාලන අංශයේ වාර්තා අනුව දැනට වසර විස්සක පමණ කාලයක සිට මෙරටින් වාර්තා වන වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යන්නට පටන්ගෙන ඇත. එසේම  2017 වර්ෂය වන විට මෙරට රෝහල් ගතව මිය යන රෝගීන් අතර හයවෙනි ස්ථානයට වකුගඩු ආසාදිත රෝගීන් පත්ව තිබේ. මෙය 2012 වර්ෂයේදී පැවතියේ අටවෙනි ස්ථානයේය.
            

වකුගඩු අක්‍රිය වීමට බලපාන හේතු
 

වකුගඩු අක්‍රිය වීමට බලපාන හේතු රාශියක් පවතී. නමුත් වර්තමානයේ අප රටේ පමණක් නොව ලොව පුරා ජීවත් වන බොහෝ ජනතාවගේ වකුගඩු ක්‍රියාකාරිත්වය දුර්වල වීමට බලපා ඇති ප්‍රධාන හේතු සාධක දෙකක් හඳුනාගෙන ඇත. එනම් දියවැඩියාව සහ අධි රුධිර පීඩනයයි. මෙම රෝග නිසි ආකාරයේ පාලනයකින් තොරව දිගු කාලයක් පැවතීම හේතුවෙන් වකුගඩු රෝගයට ගොදුරු විය හැකිය.
                                                                                                                                                                                    දිය­වැ­ඩි­යාව හා අධි­රු­ධිර පීඩන රෝග­ව­ලට අම­ත­රව, ගුච්ඡිකා ප්‍රදා­හය (Glomerulonephritis), කෝෂ්ඨ රෝග (Cystic disease), මුත්‍ර­වා­හිනි පද්ධ­තිය ආශ්‍රිත රෝග, මුත්‍රා ගල් සහ වකු­ගඩු ආසා­දන මඟින් ද, නිද­න්ගත වකු­ගඩු රෝග ඇති වේ. එසේම කිසිදු විශේෂ හේතු­වක් තව­මත් නිශ්චි­තව හඳු­නා­ගෙන නැති තත්ත්ව­යන් තුළ වුවද ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේ­ශ­ව­ලින් වකු­ගඩු රෝගීන් වාර්තා වේ. එම තත්ත්වය CKDu ලෙස හැඳින්වේ. මේ සඳහා හේතු කිහි­ප­යක් බල­පාන බව අනු­මාන කරන අතර, ඒ සම්බ­න්ධ­යෙන් මේ වන විට පර්යේ­ෂණ සිදු කර­මින් පවතී.
 

වකුගඩු රෝග ලක්ෂණ
 

වකුගඩු රෝගයේ මුල් අවධියේදී කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකිරීම විශේෂ කරුණකි. නමුත් රෝගයේ උත්සන්නභාවයත් සමඟ 
                                                                                                                                                                        •නිරන්තරයෙන් මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය
                                                                                                                                                                                        •මුත්‍රා සමඟ ලේ පිටවීම
                                                                                                                                                                              •තෙහෙට්ටුව සහ අධික වෙහෙසකර බවක් දැනීම
                                                                                                                                                                                        •ඇස් වටා ඉදිමීම
                                                                                                                                                                                •වළලුකර සහ පාද ඉදිමීම
                                                                                                                                                                                        •බඩේ අමාරුව, ඔක්කාරය, වමනය,
                                                                                                                                                                                        • නින්ද පිළිබඳව ගැටලු
                                                                                                                                                                                        •සම වියලීම සහ කැසීම.
                                                                                                                                                                                        •හුස්ම ගැනීමේ අපහසුතා ආදී රෝග ලක්ෂණ ඇතිවිය හැකිය.
 

දියවැඩියා රෝගීන්, අධි රුධිර පීඩනය සහිත පුද්ගලයින්, වකුගඩු රෝග සඳහා පවුල ඉතිහාසයක් ඇති පුද්ගලයින්, දීර්ඝ කාලීනව වේදනානාශක ඖෂධ භාවිතා කරන පුද්ගලයින්, වකුගඩු රෝගීන් බහුලව වාර්තාවන ප්‍රදේශවල වාසය කරන පුද්ගලයින්, වකුගඩු රෝග ඇතිවීම කෙරෙහි වැඩි අවධානමක් සහිත පුද්ගල කාණ්ඩ ලෙස හඳුනාගත හැකිය.
 

ඒ අනුව අවදානම් සහිත පුද්ගල කාණ්ඩයට ඔබ අයත් නම් හෝ ඔබ වයස අවුරුදු 35 වැඩි අයෙකු නම් ඉහත පරීක්ෂණ සඳහා යොමුවීම තුළින් මෙම රෝග වැළඳී ඇත්දැයි කල්තබා හඳුනාගත හැකිය. එසේම ඔබට දැනටමත් පෙර සඳහන් කර ඇති රෝග ලක්ෂණවලින් එකක් හෝ පවතී නම් වකුගඩු පර්යේෂණයක් සිදුකර ගත හැකිය. මෙම පරීක්ෂණ රජයේ රෝහල්වල පවත්වාගෙන යනු ලබන සුවදිවිසායනවලින් ද නොමිලයේ සිදුකරනු ලබයි.
 

යම් පුද්ග­ල­යෙ­කුට වකු­ගඩු රෝග තත්ත්ව­යක් වැලඳී ඇත්දැයි හඳුනා ගැනීම සඳහා සිදු කරනු ලබන සරල               පරී­ක්ෂණ කිහි­ප­යක් පහත දක්වා ඇත.

1) රුධිර ක්‍රිය­ටි­නින් පරී­ක්ෂාව (Serum Creatinine&eGFR)

2) සම්පූර්ණ මුත්‍රා පරී­ක්ෂ­ණය (UFR)

3) මුත්‍රා මයික්‍රො ඇල්බි­යු­මින් මට්ටම – (UrineMicroalbumin)
 

වකුගඩු රෝග සඳහා ප්‍රතිකාර
                                                                                                                                                                                    යම් අයෙකුට වකුගඩු රෝගය වැළඳී ඇත්නම් ඒ ඒ රෝගියාගේ රෝග ස්වභාවය මත ඒ ප්‍රතිකාර ක්‍රම ද විවිධාකාරයෙන් සිදු කෙරේ. රෝගයේ මූලික අදියරේ දී ඖෂධ ලබාදීම මඟින් මෙම රෝග තත්ත්වය පාලනය කිරීමට හෝ සුව කිරීමට හැකියාවක් පැවතිය ද රෝගය උත්සන්න වූ විට රුධිරකාදුකරණය,පරිතාන්දුකරණය හෝ බද්ධ කිරීම වැනි ප්‍රතිකාරවලට යොමු විය යුතුය. රෝගියාට මූලික අවස්ථාවේ ප්‍රතිකාර මඟහැරී ගියහොත් සිදු කළ යුතු ප්‍රතිකාර ක්‍රම රෝගියාට තරමක් අපහසු හා වියදම් අධික ඒවා වේ. එබැවින් මූලික අවස්ථාවේදී ම වකුගඩු රෝග සායන වෙත ගොස් නිසි වෛද්‍ය උපදෙස් පිළිපැදීමෙන් රෝගය ඉතා පහසුවෙන් සුව කර ගැනීම හෝ පාලනය කර ගත හැකි වේ.
 

වකුගඩු රෝග වළක්වා ගන්නේ කෙසේද?

 වකුගඩු රෝගය වැළඳීමෙන් පසු ප්‍රතිකාරවලට යොමු වීමට වඩා එය වළක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග වෙත යොමුවීම ඉතා වැදගත් ය.
                                                                                                                                                                            •දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි බෝ නොවන රෝග කල්තියා හඳුනාගෙන එම රෝග සඳහා නිසි වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම වෙත යොමුවීම තුළින් වකුගඩු රෝගය සෑදීමේ අවධානම සැලකිය යුතු මට්ටමකින් අඩුකර ගත හැකි වේ.

•සෞඛ්‍ය සම්පන්න ආහාර හා ක්‍රියාශීලී දිවි පැවැත්මක් පවත්වාගෙන යාම ද ඉතා වැදගත් වේ.

•දුම් පානය සහ දුම්කොළ භාවිතය අවම කිරීම යුතුය.

•දිනකට ප්‍රමාණවත් ජලය පානය කිරීම(ලීටර්1.5- 2.0) පානය කිරීම සුදුසුය. එය රැකියාවේ ස්වභාවය මත වෙනස් වේ. එළිමහනේ අධික වෙලාවක් ගත කරන හා දහදිය වැඩිපුර පිටවන පුද්ගලයින්ට මෙම ප්‍රමාණය වැඩි විය යුතුය.

•දීර්ඝ කාලීනව වේදනානාශක අනවශ්‍ය ලෙස නොගත යුතුය.

•කෘෂි රසායන ද්‍රව්‍යය හා පළිබෝධනාශක භාවිතයේ දී නිසි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම ඉතා වැදගත් වේ.

•මුත්‍රා ආසාදන, මී උණ, සර්පයන් දෂ්ට කිරීම් ආදිය සඳහා ඉක්මන් හා නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් වේ.
 

මේ අනුව ලංකාවේ වකුගඩු රෝගීන් අවම කිරීමට නම් වකුගඩු රෝගවලින් වැළකීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමත්, අවදානම් සහිත කාණ්ඩ රෝග හඳුනා ගැනීමේ පරීක්‍ෂාවලට යොමු වීමත් ඉතා වැදගත් වේ. එසේම වකුගඩු රෝගීන් ලෙස හඳුනාගන්නා පුද්ගලයින් නිසි පරිදි සායන වලට පැමිණීමත්, වෛද්‍ය උපදෙස් පිළිපැදීමත්, ප්‍රතිකාර සඳහා යොමු වීමත් අත්‍යවශ්‍ය වේ.එය පෞද්ගලිකව ඔබටත්, සමාජයටත්, රටටත් ඉතා යහපත් වේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required