/
/
title icon සියලු ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්
සියලු ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්
Presila Sandaruwani
2 months ago
Share:
සියලු ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කිරීමට නියමිතයි.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12 සිට මැතිවරණය පැවැත්වෙන 21 වන සෙනසුරාදා දක්වා නිහඬ කාලය ලෙස ක්‍රියාත්මක වනු ඇති.

මැතිවරණ නීතිරීති උල්ලංඝනය කරන ඕනෑ ම පාර්ශයක් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට බලය පවරා තිබෙනවා.

මේ ඒ සම්බන්ධව අදහස් දැක් වූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා,

"දැනට දේශපාලන පක්ෂවලින් පිහිටුවා තිබෙන ඡන්ද කාර්යාල සියල්ල ම වෙනස් වෙනවා, 19 වනදා මධ්‍යම රාත්‍රියේ සිට. එතැන් සිට මැතිවරණ කොට්ඨාසයට අදාළ වන ඒ මැතිවරණ කාර්යාලය පවත්වාගෙන යා හැකියි. ඒ හැර ඡන්ද කොට්ඨාසයට අදාළ වෙන දැනට පිහිටුවලා තියෙන 13,314 ම ඉවත්වෙනවා 19 වනදා මධ්‍යම රාත්‍රියේ සිට. ඊට අමතරව අලුතින් පිහිටුවන්න පුළුවන් ආසන මට්ටමින් එක මැතිවරණ කාර්යාලයක්. දැනට ඉදිරිකරලා තියෙන කාර්යාල ඉවත්කර ගන්න කියලා අපි සියලු ම අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටිනවා. ඒවා ඔවුන් ඉවත් කරගත්තේ නැත්නම්, පොලීසිය මඟින් ඒ කාර්යාල ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු කරනවා ඇති."

මේ වන විටත් නිල ඡන්ද පත්‍රිකා ලැබී නොමැති ඡන්දදායකයින් සිටී නම් තම ප්‍රදේශයේ තැපැල් ස්ථානය වෙත ගොස් ඒවා ලබා ගැනීමට හැකි බවයි තවදුරටත් ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required