2025 නව පාසල් වාරය ආරම්භ වන ජනවාරි 20 වනදාට පෙර පාසල් ළමුන් ලක්ෂ 43කට අවශ්‍ය නිල ඇඳුම් සහ පිරිවෙන් 825 සඳහා අවශ්‍ය සිවුරු සියල්ල ම ඇසුරුම් කර ලබා දීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.
මෙය චීන රජය විසින් ලබා දෙන ප්‍රදානයක් වන අතර අධ්‍යාපන අමාත්‍යවරයා සහ චීන තානාපතිවරයා, චීන රජයේ අදාළ නිලධාරීන් සමග කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් මෙම ප්රදානය ලැබී තිබෙනවා.
ඒ අනුව මෙම නිල ඇඳුම් 100%ක් නොමිලේ හිමිවන අතර එනිසා රජයට ඉතිරි වන මුදල රුපියල් මිලියන 7,000ක් වන බව එම නිවේදනයේ සඳහන්.
මෙම ප්රදානයේ පළමු තොගය නොවැම්බර් මස 13වන දිනත්, දෙවන තොගය නොවැම්බර් මස 21වන දිනත්, තෙවන තොගය දෙසැම්බර් මස 20වන දිනත් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබෙනවා.