/
/
title icon
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අවසන්.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අවසන්.
Nawodya Thayangani
5 months ago
Share:
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අවසන්.

2024 ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අදාළ ගෘහ වෙත තැපෑලෙන් බෙදාහැරීමේ කටයුතු 2024.09.14 දින අවසන් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

නිල ඡන්ද දැන්වීම් පත් නොලැබුණු ඡන්ද හිමියන්ට 2024 සැප්තැම්බර් මස 18,19 හා 20 දිනවල ඔවුන් ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි ලිපිනයට අදාළ ප්‍රදේශයේ තැපැල් කාර්යාලයට ගොස් තම අනන්‍යතාවය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව තම ගෘහයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත් ලබා ගැනීමට හැකිබව පවසනවා.

නිල ඡන්ද දැන්වීම් පතක් නොලැබුණු ඡන්ද හිමියන්ට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ පිටපතක් https://eservices.elections.gov.lk යන මැතිවරණ ඉ - සේවා වෙබ් අඩවියට පිවිස ලබාගැනීමට පහසුකම් සලසා ඇති බවයි පැවසෙන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required