
ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමට අදාළව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද මාධ්‍ය උපමාන ඇතුළත් අංක 2354/97 හා 2024.07.26 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව,
- ඡන්ද විමසීම් දිනට පැය 48කට පෙර අපේක්ෂකයන්ගේ සියලු ප්‍රචාරක කටයුතු අවසන් කළ යුතුව පවතින අතර එම කාල සීමාව 2024.09.18 දින මධ්‍යම රාත්‍රී 12.00 ට ආරම්භ වේ.
- ඒ අනුව 2024.09.18 දින පවත්වනු ලබන මැතිවරණ ප්‍රචාරක රැස්වීම්වල දර්ශන/ඡායාරූප හා විස්තර 2024.09.18 දින රාත්‍රී ප්‍රවෘත්ති හා ඊට පසු දින එනම්,2024.09.19 දින උදෑසන ප්‍රවෘත්ති පත්‍රවල හා එදින දහවල් 12.00 ප්‍රවෘත්ති විකාශවල පමණක් විකාශය කළ යුතු අතර ඉන් පසුව උක්ත ප්‍රචාරක රැස්වීම්වල වාර්තා හෝ වෙනත් ප්‍රචාරක දැන්වීම් ආදී කිසිවක් විකාශය කිරීමෙන් හෝ පළ කිරීමෙන් වැළකී සිටිය යුතුය.
මෙම නියමය රූපවාහිනී නාලිකා හා පුවත්පත් ආයතනවල හා සෙසු සියලුම සමාජ මාධ්‍ය වේදිකා සඳහා අදාළ වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.