2024 ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද මැදියම් රැයෙන් අවසන්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12.00 සිට මැතිවරණය පැවැත්වෙන 21 වන සෙනසුරාදා දක්වා කාලය "නිහඬ කාලය" ලෙස මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත්කර ඇති අතර, මෙවර ජනාධිපතිවරණ සටනේ ප්‍රධාන අපේක්ෂකයින්ගේ ප්‍රචාරක රැලි වඩාත් කැපී පෙනුණා.
ජනපතිවරණ අපේක්ෂකයින්ගේ අවසන් ජනරැලි අද පස්වරුවේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයකදී පැවැත්වුණා.
මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට මැතිවරණය පැවැත්වෙන 21 වන සෙනසුරාදා දක්වා වන නිහඬ කාලය අතරතුර කිසිදු ආකාරයක ප්‍රචාරණ කටයුත්තක් තහනම් වන අතර මැතිවරණ නීති රීති උල්ලංඝනය කරන ඕනෑම පාර්ශවයකට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලීසියට බලය පවරා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියා.
මේ අතර ජනාධිපතිවරණය පැවැත්වෙන එළඹෙන 21 වැනිදා මෙන්ම 22 වැනිදාත් දිවයින පුරා සියලු සුරාසැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කළා.