/
/
title icon රසයේ ආත්ම සොයා ගතවුණු හෝරාවක්.
රසයේ ආත්ම සොයා ගතවුණු හෝරාවක්.
Sasikala Kalhari
4 weeks ago
Share:
රසයේ ආත්ම සොයා ගතවුණු හෝරාවක්.

අධ්‍යාපනය නම් නිදහසයි, නිදහස නම් අධ්‍යාපනයයි. අධ්‍යාපනයේ මූලික අරමුණ වන්නේ දැනුම,කුසලතා, ආකල්ප වලින් පරිපූර්ණ පුද්ගලයකු සමාජයට බිහි කිරීමයි. සරසවිය තුළ ලබාදෙන අධ්‍යාපනය හුදු දේශනවලට පමණක් සීමා නොවන බවට කදිම නිදර්ශකයක් වන්නේ, කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨ අවසන් වසර සිසුන්ගේ මූලිකත්වයෙන් රසාත්මා නමින් වින්දනීය හෝරාවක් සරසවිය තුළ සංවිධාන වීමයි.

මේ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ධූරය දරන එච්.ඩී කරුණාරත්න මහතා මෙන්ම අධ්‍යාපන පීඨයේ පීඨාධිපති කපිල බණ්ඩාර මහතා සම්බන්ධ විය. මීට අමතරව අධ්‍යාපන පීඨයේ අධ්‍යන කාරක මණ්ඩලයේ මහාචාර්ය, ආචාර්ය, ජේෂ්ඨ කතිකාචාර්ය, කතිකාචාර්යවරුන් රසාත්මා සමගින් එකතු විය.

මෙම වැඩසටහනට පාදක වී තිබුණේ 1960-1980 දශකවල හෙල සිනමා නිර්මාණයන් ය. සිනමා නිර්මාණයන්වල ගීත යොදා ගනිමින් රසාත්මා හැඩ විය. සිංහල, දෙමළ, මුස්ලිම් යන සියලුම ජනවර්ගයන් වල සිසුන් අධ්‍යාපන පීඨය තුළ ඉගෙනුම ලබන අතර ඔවුන් එකාවන්ව නැටුම්, ගැයුම්,වැයුම් වලින් මෙම වැඩසටහන අලංකාර කරන්නට විය. එමෙන්ම මෙහි සුවිශේෂී අංගයක් වූයේ අධ්‍යාපන පීඨයේ පීඨාධිපති වන කපිල බණ්ඩාර මහතා දරුවන් සමග එක්ව ගීතයකින් උත්සවය වර්ණවත් කිරිමයි. තව ද විශ්වවිද්‍යාලයේ කාගෙත් ආදරය දිනාගත් කළු මාමා ඔහුගේ මියුරු හඬ මුසු කරමින් රසාත්මා තවත් අලංකාර කරන්නට විය. අවසන් වසර සහෝදරත්වය විසින් තිළිණ කරන ලද මෙම වැඩසටහන අලංකාර කිරීමට අධ්‍යාපන පීඨයේ කනිෂ්ඨ සිසුන්ද  සිය දායකත්වය ලබා දී තිබුණි.

රසාත්මා වින්දනීය හෝරාව පස්වරු දෙකට ආරම්භ වූ අතර කාලයේ ශීඝ්‍රගාමී ගමනත් සමඟ රාත්‍රිය උදාවන විට සමස්ත  විශ්වවිද්‍යාලයේ සෑම පීඨයකම දරුවන් මෙය රස විදීමට එකතු වීම විශේෂත්වයකි. විශ්වවිද්‍යාලයක් ලස්සන කිරීමට හැක්කේ එහි ඉගෙන ගන්නා ශිෂ්‍ය ප්‍රජාවටය. එයට  නිබඳ සවියක් වන්නේ ගුරුහරුකම් ලබා දෙන ඇඳුරු මඩුල්ලයි. මේ සමස්ත පද්ධතියේම නිවැරදි මඟ පෙන්වීම යටතේ රසයේ ආත්මය සොයා ගිය රාසාත්මා එකමුතුකම, ආදරය ඔස්සේ නිමාවට පත්විය.

රසාත්මා කෙතරම් වින්දනීය හෝරාවක් ද යන්න එය නැරඹූ ප්‍රේක්ෂක අදහස් වලින් විමසීමට හැකිය.

"රසාත්මා වැඩසටහන " අධ්‍යාපන පීඨ අවසන් වසර සහෝදරත්වය   මූලික කොටගෙන පැවැති සංගීතමය සැදෑවක එක්තරා සුන්දර හමුවක් යැයි කියන්න පුළුවන්, ඒ තුළින් රස වින්දනයට පමණක් නොව නර්තනය, ගායනය ඇතුළු දක්ෂතා ඇති විද්‍යාර්ථයන්ගේ හැකියාවන් ඉස්මතු වූ අවස්ථාවක් ලෙසත් හරවත් හෝරාවක නිමේෂයක් ලෙසද අපගේ අධ්‍යාපන පීඨයේ නව ගමනක ඇරඹුමට හේතු සාධක වූ අඩිතාලම ක් ලෙසින් ද කිව හැකිය.

-K. K. Sithumi Charika-
Primary education Student

Rasathma was a nice aesthetic experience that I have felt during my university academic life of three years. It was a great opportunity for all the students in the faculty of education to show their talents based on the theme of Sri Lankan Films. It showcased the legacy of the Sri Lankan film sector and as well as the beautiful talents of undergraduates. "Rasathma" was the one of the most admirable aesthetic experience that I have obtained.

-Sewmini Deshanjali-
  Part 2 Student

සරසවිය කියන මල් වත්තෙ මල් නෙලන හැම විද්‍යාර්ථයෙක් ම සැබැවින් ම ඉතා ම ප්‍රවේශම් විය යුතු යි. එදිනෙදා සිදු කරන සරල කාර්‍යයකට එපමණක් ප්‍රවේශම් විය යුත්තේ මන්දැයි මම දහස්වර සිතුවෙමි.වැඩසටහනේ තේමා පාඨය 'රසාත්මා' විය. ආරම්භයේ සිට ම ඇසුණේ මිහිර ගී නාද ය. විටෙක හැත්තෑව අසූව දශකයේ චිත්‍රපට ගී ය. එකී ගීතයන්ට නටන ඉහළ සහෝදරත්වයේ රංගනයන් සිත් පැහැරගත්තේ අසුරු සැණිනි. වචනවල අර්ථය නොදන්නා නමුත් දමිල ගීතවල තාලයට අපි දෑත් වැනුවේ ඊට උපන් හපන්කම් ඇත්තන් මෙනි. පීඨාධිපතිතුමාගේ මල් පියල්ල අපූරූවට ඇඳී යත් ම කළුමාමාගේ සුපුරුදු නාද රටා ද ඊට එක් විය. මල් වත්තක මල් නෙලනා ඈයන් වෙනුවට බඹරුන් මෙන් රොන් ගන්නට එදින සැදෑව අපට ම වෙන් විය.

-යසුරි හසාරා-
 Part 1 student

සසිකලා කල්හාරි 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required