/
/
title icon අපේක්ෂකයින් ප්‍රවර්ධනය කළ රාජ්‍ය නිලධාරීන් 09 දෙනෙකු රාජකාරීයෙන් ඉවතට
අපේක්ෂකයින් ප්‍රවර්ධනය කළ රාජ්‍ය නිලධාරීන් 09 දෙනෙකු රාජකාරීයෙන් ඉවතට
Editor
2 months ago
Share:
අපේක්ෂකයින් ප්‍රවර්ධනය කළ රාජ්‍ය නිලධාරීන් 09 දෙනෙකු රාජකාරීයෙන් ඉවතට

ජනාධිපති ධුර අපේක්ෂකයන් ප්‍රවර්ධනයට කටයුතු කළ බව කියන හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් 09 දෙනෙකු මැතිවරණ රාජකාරී කටයුතුවලින් ඉවත් කළ බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී එම්.පී. සුමනසේකර මහතා පවසනවා.

දේශපාලන කටයුතුවල නිරතව සිටි රාජ්‍ය නිලධාරීන් 19 දෙනෙකු සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථානයට ලැබුණු පැමිණිලි අනුව විමර්ශන පවත්වා තිබෙනවා. 

ඒ අනුව ඉන්  නිලධාරීන් 09 දෙනෙකුගේ මැතිවරණ රාජකාරි කටයුතු මෙලෙස අත්හිටුවීමට පියවර ගෙන ඇති බව සඳහන්.

මෙලෙස පැමිණිලි ලැබුණු පිරිස අතරට වෛද්‍යවරුන් 03 දෙනෙක්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්, විදුහල්පතිවරුන් 09 දෙනෙකු, නියෝජ්‍ය විදුහල්පතිවරයෙක්, ගුරුවරුන් 04 දෙනෙකු සහ සමෘද්ධි කළමනාකරුවෙකු වනවා. 

මැතිවරණ රාජකාරී කටයුතුවලින් ඉවත් කළ පිරිස සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කිරීමට  පියවර ගෙන ඇතැයි තවදුරටත් වාර්තා වනවා. 

චෝදනා එල්ල වූ  නිලධාරීන් කිහිප දෙනෙකු ඇතැම් ජනාධිපති ධුර අපේක්ෂකයන්ගේ රැස්වීම්වල කතා පවත්වා තිබූ බවට තොරතුරු හෙළිවී ඇතැයි මැතිවරණ කාර්යාල ආරංචි මාර්ග තවදුරටත් පවසනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required