/
/
title icon මිලාද් උන් නබි උත්සවය
මිලාද් උන් නබි උත්සවය
Amaya Kularathna
4 weeks ago
Share:
මිලාද් උන් නබි උත්සවය

ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන මිලාද් උන් නබි උත්සවය ඊයේ (17) දිනයේ යෙදී තිබුණා.

මීට වසර 1400කට පෙර සෞදි අරාබි‍යේ මක්කම නගරයේදී මුහම්මද් නබි තුමා උපත ලද බව , ඉස්ලාම් ඉතිහාසයේ සඳහන් වේ. අශිලාචාර ක්‍රියාකාරකම් පැවති යුගයක උපත ලැබි නබි තුමා සියලු ජනතාව ඒකරාශී කරමින් ඉස්ලාම් දහමේ සාමය හා සමානාත්මතාව ව්‍යාප්ත කිරීම‍ට ක්‍රියා කර තිබේ.

ඉස්ලාම් චන්ද්‍ර දින දර්ශනයේ තුන්වන මාසය වන රබ්අල් - අව්වල් මාසයේ ඊයේ වැනි දිනක සෞදි අරාබියේ මක්කා නගරයේදී නබි නායකතුමන් උපත ලබා ඇති බව ඉස්ලාම් දහමේ දැක්වේ.

මනුෂ්‍යත්වයෙන් පිරිපුන් ගෞරවණීය මානව ප්‍රේමයක් ගොඩනැගීමට කැප වූ නබි නායකතුමන්ගේ ජන්ම දිනය ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් ඊයේ දිනයේදී මහත් උත්සවාකාරයෙන් සහ ආගමානුකූලව සමරනු ලැබුවා.

ලොව පුරා විවිධ රටවල නබි නායක තුමාගේ ජන්ම දිනය සැමරීම සිදුකෙරුණු අතර ශ්‍රී ලංකාවේ ද ඒ වෙනුවෙන් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණා.

අමායා කුලරත්න. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required