කොහුවල - සරණංකර පාර, ප්රදේශයේදී වෙළෙඳසැලක සිටි පුද්ගලයෙකුු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
වෙඩි ප්රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය කියා සිටියේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 43 හැවිරිදි දෙහිවල - නැදිමාල ප්රදේශයේ පදිංචිකරුවෙක්.
ඊයේ රාත්රීයේ අදාළ වෙඩිතැබීම සිදුව ඇති අතර, වෙඩි වැදුණු පුද්ගලයා එම වෙළෙඳසැලේ හිමිකරු බව පොලීසිය සඳහන් කළා.
යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළා ගොස් ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.