හෙට දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා අදාළ කාර්යමණ්ඩලය හා ඡන්ද පත්‍රිකා මෙන් ම ඡන්ද පෙට්ටි ද පොලිස් ආරක්ෂාව සහිතව පිටත්වීම ආරම්භ වී තිබෙනවා.
ඡන්ද පෙට්ටි නිකුත් කිරීම අද උදෑසන 7ට ආරම්භ කළ බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ.
අද දහවල් 12 පමණ වනවිට සියලු ම ඡන්ද මධ්‍යස්ථාන වෙත අදාළ නිලධාරීන් ළඟාවෙනු ඇතැයි අපේක්ෂිතයි.
එමෙන් ම අද දිනයේ දී පෙරහුරුවක් පැවැත්වීමට ද සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව ඡන්දදායකයින් 17,140,354 ක් දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421ක දී හෙට උදෑසන 7 සිට පස්වරු 4 දක්වා සිය ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත ය.