
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්. චන්ද්‍රසේන, පවිත්‍රාදේවී වන්නිආරච්චි සහ රෝහිත අබේගුණවර්ධනගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය ජූලි 29 වැනිදා රැස්වී පක්ෂයේ අපේක්ෂකයාට සහාය පළ කිරීමට ගත් තීරණයට එරෙහිව යමින් වෙනත් අපේක්ෂකයෙකුට සහාය පළ කිරීම හේතුවෙන් මෙලෙස ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමටයි පියවර ගෙන ඇත්‌තේ.
ඒ අනුව පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාවේ, විධායක සභාවේ සහ දේශපාලන මණ්ඩලයේ සාමාජිකත්වය මෙන්ම පක්ෂයේ ජාතික කැඳවුම්කාර ධූරයද අත්හිටුවා ඇති බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කළේ.