/
/
title icon 80,000ක ආරක්ෂක අංශ පිරිසක් ජනාධිපතිවරණය සඳහා සීරුවෙන්
80,000ක ආරක්ෂක අංශ පිරිසක් ජනාධිපතිවරණය සඳහා සීරුවෙන්
Presila Sandaruwani
2 months ago
Share:
80,000ක ආරක්ෂක අංශ පිරිසක් ජනාධිපතිවරණය සඳහා සීරුවෙන්

9වන විධායක ජනාධිපතිවරණයේ ආරක්ෂක කටයුතු සඳහා 80,000ට ආසන්න පොලිස්, පොලිස් විශේෂ කාර්ය බළකාය හා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සංඛ්‍යාවක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කර සිටිනවා.

මැතිවරණ නීති උල්ලංඝනය කරන්නන් හට දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද ඔහු ප්‍රකාශ කර සිටියා.

ඡන්ද මධ්‍යස්ථාන අවට ඡන්ද දායකයින්ට බලපෑම් එල්ල කරන කණ්ඩායම් හඳුනා ගැනීමට ඒ ආශ්‍රිතව බුද්ධි අංශ නිලධාරීන් ද යොදවා තිබෙන බව ද ඔහු සඳන් කළා.

එසේ ම ඔහු තවදුරටත් කියා සිටියේ යම්කිසි ස්වභාවික ආපදාවක් සිදු වුවහොත් ඒ සඳහා ද ක්ෂණිකව ක්‍රියාත්මක වීමට නාවික හා ගුවන් හමුදා සූදානමින් සිටින බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required