
සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම සම්බන්ධ සේවාවන් මෙලෙස අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.