මිරිහාන පොලිස් වසමේ පැඟිරිවත්ත ප්රදේශයේ නිවසක සිටි කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
මෙලෙස ඝාතනය කර ඇත්තේ අවුරුදු 35ක් වූ පැඟිරිවත්ත, සන්තානම්පිටිය ප්රදේශයේ පදිංචිකාරියකි.
ඝාතනය සිදුකර ඇත්තේ එම නිවසේ කලක් රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මිරිහාන පොලීසිය විමර්ශන සිදුකරන බවයි වාර්තා වන්නේ .