/
/
title icon 2024 ජනාධිපතිවරණය පිළිබඳ ජාතික ජන බලවේගයෙන් මාධ්‍ය නිවේදනයක්
2024 ජනාධිපතිවරණය පිළිබඳ ජාතික ජන බලවේගයෙන් මාධ්‍ය නිවේදනයක්
Presila Sandaruwani
2 months ago
Share:
2024 ජනාධිපතිවරණය පිළිබඳ ජාතික ජන බලවේගයෙන් මාධ්‍ය නිවේදනයක්

ජාතික ජන බලවේගය විශේෂ මාධ්‍ය නිවේදනයක් 2024 ජනාධිපතිවරණය සම්බන්ධව නිකුත් කර තිබෙනවා.

ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කර ප්‍රතිඵල නිකුත් කිරීමේ දී මැතිවරණ කොමිසම හා ඊට අදාළ සියලු නිලධාරීන් කිසිදු අකටයුත්තකට සිදු නොවන ලෙස එම කාර්යය ඉතා ම නිවැරදිව හා නිරවුල්ව සිදු කරනු ඇති බව ද,

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ආරක්‍ෂාව තහවුරු කිරීමට පොලීසිය ඇතුළු ආරක්‍ෂක අංශ කටයුතු කරනු ඇති බව ද, 

මේ වන විට පනවා ඇති රාත්‍රී ඇඳිරි නීතිය ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කර ඇති බව ද ඔවුන් විශ්වාස කරන බව එහි සඳන් වෙනවා.

තවදුරටත් ඔවුන් මෙම ගතවන කාලය තුළ උපරි ම සාමකාමී තත්ත්වයක් පවත්වාගෙන යාමට අවශ්‍ය සහය ලබා දෙන මෙන් ආරක්ෂක අංශවලින් හා මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required