සමගි ජන බලවේගයේ, පෝලිම් බූත් නියෝජිතවරයෙකු හෘදයාබාධයකින් මියගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ, රත්නපුර නව නගරයේ ශ්‍රී සුමනගම පදිංචි එච්.ඩබ්.ඒ. වන්නිආරච්චි නමැති 69 හැවිරිදි පුද්ගලයෙක්.
අද උදෑසන ඔහු රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේ පෝලින් බූත් නියෝජිතවරයෙකු ලෙස සහභාගිවීමට ගොස් ඇති අවස්ථාවේදී මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී තිබෙනවා.