
පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ගම්බිම් බලායන ජනතාවට අද දිනයේ දී ද විශේෂ බස් රථ යෙදවීමට පියවර ගන්නා බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.
උදෑසන ම පැමිණ සිය ගමනාන්ත වෙත ගමන් කිරීමට පියවර ගන්නා ලෙස එහි සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කර සිටියා.
එමෙන් ම අද දිනයේ ලංගම බස් රථ 3300ක් ධාවනයට එක් කරන බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා තවදුරටත් සඳහන් කර සිටියේ.