
ඡන්ද විමසීමේ මධ්‍යස්ථානය තුළ සිය ඡන්ද පත්‍රිකාව ඉරූ තරුණයෙක් පොලිසිය විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යාපනය, නායන්මාර්කට්ටු මහේශ්වරී විද්‍යාලයේ පැවැති ඡන්ද මධ්‍යස්ථානයේ දී මෙම සිදුවීම සිදු වී තිබෙනවා.
එම පුද්ගලයා අවුරුදු 19ක, එම ප්‍රදේශයේ ම පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
අදාළ සිද්ධිය සම්බන්ධව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතිනවා.