/
/
title icon ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් අද ඡන්දය ප්‍රකාශ කළ අයුරු
ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් අද ඡන්දය ප්‍රකාශ කළ අයුරු
Wasana Wickramasingha
2 months ago
Share:
ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් අද ඡන්දය ප්‍රකාශ කළ අයුරු

මෙවර ජනාධිපතිවරණය සඳහා තරග වදින අපේක්ෂකයින් රැසක් ම අද දින තමන්ට අදාළ ඡන්ද මධ්‍යස්ථානයවලදී ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතුවලට එක්වුණා.

ඒ අනුව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා රාජගිරිය විවේකාරාම පුරාණ විහාරස්ථානයේ ස්ථාපනය කර තිබූ ඡන්ද මධ්‍යස්ථානයේදී තම ඡන්දය ප්‍රකාශ කළා. එම මොහොතට ජලනි ප්‍රේමදාස මහත්මිය ද එක්ව සිටියා. මාධ්‍යයට අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම සැමගේ වගකීමක් වන අතර  ඡන්දය ප්‍රකාශ කිරීමට මෙවර පවතින ජනතා උනන්දුව ප්‍රශංසනීය වන බවයි.

ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණියේ කොළඹ විශ්වවිද්‍යාලයේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානය වෙතයි.එහිදී මාධ්‍යයට අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ ජනතාව තමාගේ අනාගතය පිළිබඳව තීරණයක් ගැනීමට අවශ්‍ය බවත් පෙර පැවැති අස්ථාවරත්වය පැවතියා නම් මෙලෙස ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව ද අහිමිව යන බවයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ  මහතා ද මැදමුලන  ඩී.ඒ රාජපක්ෂ මහා විද්‍යාලයේදී තම ඡන්දය ප්‍රකාශ කළ අතර එම අවස්ථාවට ලිමිනි රාජපක්ෂ මහත්මිය ද එක්ව සිටියා. එහිදී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ කෙටි කලක් තුළ ඉතා සාර්ථක මැතිවරණ  ව්‍යාපාරයක් දියත් කිරීමට තම පිරිසට හැකි වූ බවයි.

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා  සිය ඡන්දය භාවිත කළේ පංචිකාවන්ත අබේසිංහාරාම විහාරස්ථානයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී. එහිදී දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ මෙවර ජනාධිපතිවරණය ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රබලතම හැරවුම් ලක්ෂයක් වන බවයි. මාධ්‍යයට අදහස් දැක්වූ ඒ මහතා, ජනතාවට සාමකාමීව කටයුතු කරන ලෙසත් ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවකට සහභාගී නොවන ලෙසත් පවසා සිටියා.

 

16a2bef68f96088995296720bef3cb6a.jpg

 

 

fa636e99c67cfb1aa9343704c8fea944.jpg

 

 

61aaf3fe4bfcfca5c6a8b76d2c19642f.jpg

 

 

0eb294c7eb352ac8e5d21c873337d6d9.jpg

 

 

6407c30927d82b7708f67001cce43491.jpg
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required