/
/
title icon ප්‍රසිද්ධ ස්ථානවල රැස් වී ඡන්ද ප්‍රතිඵල ඇසීම තහනම්
ප්‍රසිද්ධ ස්ථානවල රැස් වී ඡන්ද ප්‍රතිඵල ඇසීම තහනම්
Presila Sandaruwani
2 months ago
Share:
ප්‍රසිද්ධ ස්ථානවල රැස් වී ඡන්ද ප්‍රතිඵල ඇසීම තහනම්

ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵල පිට වන අවස්ථාවේ දී කණ්ඩායම් වශයෙන් ප්‍රසිද්ධ ස්ථානවලට රැස් වී ඡන්ද ප්‍රතිඵල ඇසීම හෝ නැරඹීම හෝ රතිඤ්ඤා දැල්වීම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්.ඒ.රත්නායක මහතා ප්‍රකාශ කර සිටිනවා.

එසේ කටයුතු කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි බවයි ඔහු තවදුරටත් සඳහන් කරන්නේ.

විශාල තිර යොදා ගනිමින් මත්පැන් සාද පවත්වමින් එවැනි කටයුතු සංවිධානය කරමින් පවතින බවට වාර්තා වී ඇති අතර එවැනි ක්‍රියා නැවැත්වීමට කටයුතු කරන බව ද සඳන් කළා.

හැකි තරම් නිවාසවල රැඳෙමින් ඡන්ද ප්‍රතිඵල නැරැඹීමට හෝ සවන් දීමට කටයුතු කරන ලෙසත් නව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ කාර්ය සාර්ථකව අවසන් කිරීමට අවසන් මොහොතේ ද සහාය ලබාදෙන ලෙසත් ජනතාවගෙන් සභාපතිවරයා ඉල්ලීම් කරනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේ දි ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required