ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම් කටයුතු මේ වන විට දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී සාර්ථකව පැවැත්වෙනවා.
මෙවර ජනාධිපතිවරණය සඳහා තම ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති සමස්ත ඡන්දදායකයින් සංඛ්‍යාව 17,140,354 ක් ලෙසයි දැක්වෙන්නේ.
මැතිවරණ දිස්ත්‍රික්ක විසිදෙක අතරින් වැඩිම ඡන්දදායකයින් සහිත දිස්ත්‍රික්කය බවට ගම්පහ දිස්ත්‍රික්කය පත්ව ඇති අතර එම දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද හිමියන් සංඛ්‍යාව 1,881,129 ක්.
එසේම අඩුම ඡන්ද හිමියන් පිරිසක් සහිත මැතිවරණ දිස්ත්‍රික්කය බවට පත්ව ඇත්තේ වවුනියාව, මන්නාරම සහ මුලතිව් ඇතුළත් වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයයි. එහි ඡන්දදායකින් සංඛ්‍යාව 306,081 ක්.