ශ්‍රී ලංකාවේ 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා වන ජනාධිපතිවරණ ඡන්ද විමසීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
ඒ අනුව අද පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින්නේ, උදෑසනම ඡන්ද පොළට ගොස් තම වටිනා ඡන්දය භාවිත කරන ලෙසයි.
මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 38 දෙනෙකු ඉදිරිපත්ව සිටිනවා.
ජනාධිපතිවරණය සඳහා සුදුසුකම් ලබා ඇති සමස්ත ඡන්ද දායකයින් සංඛ්‍යාව 17,140,354ක්.