2024 ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්රකාශ කිරීමට ගම්බිම් බලා යන ජනතාවට අද (21) දිනයේදී ද බස් රථ යෙදවීමට පියවර ගන්නා බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසා සිටිනවා.
එහිදී මගීන්ගෙන් උදෑසනම පැමිණ සිය ගමනාන්ත වෙත ගමන් කිරීමට පියවර ගන්නා ලෙස එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරනවා.
මේ සඳහා අද දිනයේ ලංගම බස් රථ 3300ක් ද ධාවනයට එක් කර ඇති බව ප්රකාශ කර සිටිනවා.