/
/
title icon පොලීසිය විසින් ආරක්ෂාව සඳහා දැඩි පියවර.
පොලීසිය විසින් ආරක්ෂාව සඳහා දැඩි පියවර.
Nawodya Thayangani
2 months ago
Share:
පොලීසිය විසින් ආරක්ෂාව සඳහා දැඩි පියවර.

2024 ජනාධිපතිවරණය හා සම්බන්ධව ඉදිරි කාලසීමාව තුළ රටේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්  ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කර සිටිනවා.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ අද (21) පස්වරු 4ට ඡන්දය ප්‍රකාශ  කිරීම අවසන්වීමෙන් පසු පැවති මාධ්‍ය සාකච්ඡාවේදීය.

පොලිස් නිලධාරීන් සහ කැරළි මර්දන ඒකකයේ නිලධාරීන් අවශ්‍ය පරිදි රාජකාරියේ යෙදී සිටින අතර පොලිස් මාර්ග බාධක ක්‍රියාත්මක වන බැවින් ප්‍රතිඵල නිකුත්කර අවසන්වන තුරුම රට තුළ ආරක්ෂක වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන බව ඒ මහතා වැඩිදුරටත්  ප්‍රකාශ කර සිටියා.

මේ අතර, පශ්චාත් මැතිවරණ කාලසීමාව තුළ සහ සතියක් ඇතුළත කිසිම පුද්ගලයෙකුට රථ වාහනවලින් හෝ පාගමනින් පෙළපාලි යෑම සම්පූර්ණයෙන් තහනම් බවත් සියලුම ජනතාව මෙම නීතිරීතිවලට අවනතව කටයුතු කළයුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දී තිබෙනවා.

එමෙන්ම සාමය කඩවීමේ ක්‍රියාවක් සම්බන්ධයෙන් තොරතුරක් වේ නම් ඒ පිළිබඳව පහත සඳහන් දුරකථන අංකවලට දැනුම්දෙන ලෙසට ද පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එම අංක පහත දැක්වේ,

119
118
107 (උතුරු, නැගෙනහිර සඳහා)

011 202 7149
011 201 3243
111 239 9104 - (Fax අංකය)

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required